යෝවෙල් 2:12-13
යෝවෙල් 2:12-13 SCV
“දැන්වත්, උපවාසයෙන් ද හැඬීමෙන් ද වැලපීමෙන් ද යුතු ව ඔබේ මුළු හදින් මා වෙත හැරී එන්නැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ඔබගේ හැඳිවත් නො ව, ඔබගේ හදවත් ඉරාගෙන, ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ආපසු එන්න. මන්ද, උන්වහන්සේ දයාන්විත ය; අනුකම්පා සහගත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය; විපත්තිය පැමිණවීමෙහිලා ලිහිල පාන සේක.









