YouVersion Logo
Search Icon

යෝබ් 6:1-16

යෝබ් 6:1-16 SCV

යෝබ් පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය: “අහෝ මගේ ශෝකය කිරා බැලිය හැකි නම්; මගේ මුළු දුක්ඛිතභාවය තරාදියක ලා බැලිය හැකි නම්! සත්තකින් ම ඒවා මුහුදු වැල්ලටත් වඩා බර වනු ඇත; එනිසා මගේ වචන රළු විය. සර්ව පරාක්‍රමයාණන්ගේ ඊ ගස්වලට මා ඉලක්ක වී ඇත; මගේ ආත්මය ඒවායේ විස බීගන්නේ ය. දෙවියන්වහන්සේගේ භීතිය, මට එරෙහිව එක පෙළට ඇදී එයි. තණකොළ ඇති විට වල් කොටළුවා බෙරිහන් දේවි ද? පිදුරු තිබේ නම් ගවයා තප්පුලන්නේ ද? නීරස අහරක් ලුණු නැතිව කෑ හැකි ද? නැතහොත් බිත්තර සුදු මදේ කිසි රසක් ඇද්ද? ඒවාට අත තබන්නටවත් මට ඕනෑ නො වී ය; එවැනි අහර මට අරුචි ය. “අහෝ මගේ ඉල්ලීම ඉටු වුණොත්, මා අපේක්ෂා කළ දේ දෙවියන්වහන්සේ මට ලබා දුන්නහොත්! මා පොඩිකර දමන්නට දෙවියන්වහන්සේ කැමති වන සේක් නම්; උන්වහන්සේ තම අත නිදහස් කොට මා සිඳ දමන සේක් නම්; එවිට ඒ සැනසිල්ල මට තියේ; ශුද්ධ තැනැන්වහන්සේගේ වචනය මා ප්‍රතික්ෂේප නො කළ බැවින්, වේදනා දරාගෙන, මම ප්‍රීතියෙන් ඉපිලෙන්නෙමි. “බලාපොරොත්තුවෙන් තවත් සිටින්නට මට ඇත්තේ කවර ශක්තියක් ද? ඉවසා සිටින්නට මට ඇත්තේ කවර අපේක්ෂාවක් ද? ගලක් වගේ මා ශක්තිමත් ද? මගේ මාංසය සෑදී ඇත්තේ ලෝකඩයෙන් ද? මෙයින් මිදෙන්නට මා තුළ යම් හැකියාවක් වේ ද? සාර්ථකත්වය මවෙතින් දුරුව ගොසින් නො වේ ද? “තම මිතුරාගෙන් කරුණාවන්තකම වළක්වාගන්නා කවරකු නමුත් සර්ව පරාක්‍රමයාණන්ට භයවීම ප්‍රතික්ෂේප කරයි. එහෙත් මගේ සහෝදරයින් කලින් කලට පමණක් දෙගොඩ තළා ගලන, විශ්වාසය තැබිය නො හැකි, ඇළදොළ වැන්න. දියවෙන හිමෙන් අඳුරු ව, දියවෙන හිම සමඟ ගලා යමින්

Related Videos

Free Reading Plans and Devotionals related to යෝබ් 6:1-16