YouVersion Logo
Search Icon

යෝබ් 42:12-15

යෝබ් 42:12-15 SCV

යෝබ්ගේ ජීවිතයේ ඒ පළමු අදියරට වඩා, මේ පසුකාල අදියරට ස්වාමින්වහන්සේ ආශිර්වාද කළ සේක; ඔහුට බැටළුවන් දහහතර දහසක් ද ඔටුවන් හයදහසක් ද ගව-බාන් දහසක් ද බූරු දෙනුන් දහසක් ද අයත් විය. ඔහුට පුතුන් හත් දෙනෙක් ද දූවරුන් තුන් දෙනෙක් ද වූහ. පළමු දියණිය යෙමීමා යයි ද දෙවැන්නිය කෙසීයා යයි ද තෙවැන්නිය කෙරෙන්-හප්පූක් යයි ද ඔහු නම් තැබී ය. යෝබ්ගේ දූවරුන් තරම් සුරූපී අඟනෝ ඒ මුළු මහත් දේශයේ ම නො වූහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සහෝදරයන් අතරේ උරුමයක් ඔවුන්ට ද සලසා දුන්නේ ය.

Free Reading Plans and Devotionals related to යෝබ් 42:12-15