YouVersion Logo
Search Icon

යෝබ් 42:1-9

යෝබ් 42:1-9 SCV

එවිට යෝබ් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය: “හැම දෙයක් ම ඔබට කළ හැකි වග මම දනිමි; ඔබගේ කිසි සැලැස්මක් නිෂ්ප්‍රභ කළ නො හැකි ය. ‘දැනගැන්මෙන් තොර වචනවලින් මගේ දැනමුතුකම් අඳුරු කරන මොහු කවරෙක් දැ?’ යි ඔබ ඇසූ සේක. සැබවින් ම මා කතා කළේ මා නො දන්නා දේ ය; මට දැනගැනීමට අසීරු අතිශයෙන් පුදුමාකාර දේ ය. “ ‘දැන් මට සවන් දෙන්න; මම කතා කරන්නෙමි; මම ඔබෙන් ප්‍රශ්න කරන්නෙමි; ඔබ මට උත්තර දිය යුතු යැ’ යි ඔබ කී සේක. ඔබ ගැන ඇසූ කන් ඇත්තෙමි; එහෙත් දැන් මගේ දෑස ඔබ දකියි. එබැවින් මම, මා නීච කොට සලකමින්, දූවිල්ලේ හා අළු පිට හිඳ පසුතැවිලි වන්නෙමි.” ස්වාමින්වහන්සේ යෝබ්ට මේ දෑ කී පසු, තේමානීය එලීෆස් ඇමතූ ස්වාමින්වහන්සේ, “මම ඔබ සමඟත්, ඔබේ මිතුරන් දෙදෙනා සමඟත් කෝපයෙන් සිටිමි. මන්ද මගේ සේවක යෝබ් මෙන් නො ව, නුඹලා මා ගැන හරි ලෙස කතා කළේ නැත. එබැවින් දැන් ගවයන් හත්දෙනකු හා බැටළුවන් හත්දෙනකු ගෙන, මගේ සේවක යෝබ් වෙත ගොස්, නුඹලා උදෙසා දවන යාග පූජාවක් ඔප්පු කරන්න. මගේ සේවක යෝබ් ඔබ උදෙසා යාච්ඤා කරනු ඇත; මම ඔහුගේ යාච්ඤාව පිළිගෙන, නුඹලාගේ මෝඩකමට නිසි විපාකය නුඹලා පිටට නො පමුණුවමි. මන්ද මගේ සේවක යෝබ් මෙන් නො ව, නුඹලා මා ගැන හරි ලෙස කතා කළේ නැතැ” යි පැවසූ සේක. එවිට තේමානීය එලීෆස් ද ෂූහීය බිල්දද් හා නාමාතීය සෝෆර් ද ස්වාමින්වහන්සේ ඔවුන්ට කී පරිදි කළෝ ය. ස්වාමින්වහන්සේ යෝබ්ගේ යාච්ඤාව පිළිගත් සේක.

Free Reading Plans and Devotionals related to යෝබ් 42:1-9