යෝබ් 4:3-8
යෝබ් 4:3-8 SCV
බලන්න! ඔබ මොන තරම් දෙනකුට ගුරුහරුකම් දෙමින්, වැටුනවුන්ට අත දී ඔවුන් ශක්තිමත් කළ අයුරු. වැනි වැනී සිටි අය ඔබේ වචනයෙන් නගා සිට වූ හැටි; දෙදණ සැලුනවුන් ඔබ ශක්තිමත් කළ හැටි. එහෙත් විපත් ඔබ වෙත පැමිණි කල දැන්, ඔබ අධෛර්යවත් වෙලා; දැන් ඔබට පහර වැදෙන විට ඔබ චංචල වෙලා. ඔබගේ විශ්වාසය ඔබේ දෙවියන්වහන්සේට භයවීම නො වේ ද? ඔබේ මාර්ගවල නිර්දෝෂී භාවය ඔබේ බලාපොරොත්තුව නො වේ ද? “දැන් කල්පනා කර බලන්න: කවරදා කවුරු නිර්දෝෂ ව සිට විනාශයට පත් වූයේ ද? කවදා කොහේදී සෘජු ගති ඇත්තන් වනසා දැමුණේ ද? මා දැක ඇති පරිදි දුෂ්ටකම සී සා, විපත්තිය වපුරන්නෝ ඒවා ම කපා ගන්නෝ ය.





