YouVersion Logo
Search Icon

යෝබ් 38:37-41

යෝබ් 38:37-41 SCV

වලාකුළු ගණින්නට ප්‍රඥාව ඇත්තේ කවරකුට ද? අහසේ භාජනවලින් දිය වගුරුවන්නට හැක්කේ කවරකුට ද? එසේ කරන්නේ, දූවිලි ඝන වී, පස් පිඩැලි එකට කැටිවන කල්හි ය. “සිංහයාට ගොදුරක් දඩයම් කර දෙන්නට ඔබට පුළුවන් ද? සිංහ නාම්බාගේ කුසගින්න නිවා, උන් තම ගුහාවල ලැග සිටින කල, ලැහැබෙහි සැඟවී රැක සිටින විට උන් තෘප්තිමත් කරන්නට ඔබට හැකි ද? කපුටු පැටවුන් කෑම ඉල්ලා දෙවියන්වහන්සේට කෑ ගසන විට, කෑම හිඟ ව උන් තැන තැන යන විට කපුටන්ට කෑම සපයා දෙන්නේ කවුරු ද?