යෝබ් 38:28-33
යෝබ් 38:28-33 SCV
වර්ෂාවට පියකු සිටිනවා ද? පිනි බිඳු ජනිත කළේ කවුරු ද? හිම බිහිවන්නේ කවරකුගේ ගර්භයෙන් ද? අහස් තුෂාර බිහි කරන්නේ කවුරු ද? වතුර, ගලක් සේ දැඩි ව කැටිගැසුණ කල, ගැඹුරේ මතු පිට මිදුණ කල, එසේ කරන්නේ කවුරු ද? “හත්දින්නත් තරු ගැට ගසන්නට හෝ මුව සිරස තරු පටියේ බැමි ලිහන්නට හෝ ඔබට පුළුවන් ද? ග්‍රහ මඬුල්ලේ තාරකා රාශිය නියම කලට ඉදිරිපත් කරන්නට ඔබට පුළුවන් ද? මහ වලසා සහ පැටවුන් යන තරු පන්තිය මෙහෙයවන්නට ඔබට පුළුවන් ද? අහස් කුස නීතිය ඔබ දන්නවා ද? එම නීතිය මිහි පිට ස්ථාපිත කරන්නට ඔබට පුළුවන් ද?





