යෝබ් 33:14-18
යෝබ් 33:14-18 SCV
මනුෂ්‍යයා තේරුම් ගන්නේ නැති වුව ද දෙවියන්වහන්සේ එක් විදියකින් හෝ තවත් විදියකින් හෝ කතා කරන සේක. ස්වප්නයකින්, රාත්‍රියේ දර්ශනයකින්, මිනිසුන් තම යහන් මත නිදා සිටියදී, බර නින්දට වැටුණු කල, උන්වහන්සේ ඔවුන්ගේ කනට ළං ව කතා කර, අනතුරු අඟවමින් ඔවුන් බය කරන්නේ, වැරදි කිරීමෙන් මිනිසා ඉවත හරවන පිණිස හා උඩඟුවීම ඔහු වෙතින් පහ කරන පිණිස ය. ඔහුගේ ජීවය නරාවළෙන් සුරකිනු පිණිස ය; ඔහුගේ ජීවිතය කඩුපතින් විනාශ නො කරන පිණිස ය.





