යෝබ් 3:1-11
යෝබ් 3:1-11 SCV
ඉන්පසු යෝබ් කටහඬ අවදි කරමින්, තම උපන් දවසට ශාප කරන්නට වී, මෙසේ කීවේ ය. “මා උපන් දවස නැති-භංග වේවා! ‘පිරිමි දරුවෙක් ගැබ් ගත්තා’ යි කී රාත්‍රිය ද නැති-භංග වේවා! ඒ දවස අන්ධකාරයට හැරේවා! ඉහළ ස්වර්ගයේ දෙවියන්වහන්සේ එය නො සලකා හරීවා! ආලෝකය එහි නො බැබළේවා; අන්ධකාරයත්, ඝන කළුවරත් ඊට හිමිකම් කියාවා, වලාකුළු ඒ පිට රඳා සිටීවා, කළුවරෙන් එහි එළිය යටපත් වේවා. ඝන අන්ධකාරය ඒ රාත්‍රිය ගිල ගනීවා; අවුරුද්දේ දවස් අතරේ එය ගණන් නො ගැනේවා! මාස අතරට එය අයත් නො වේවා! ඒ රාත්‍රිය වඳ එකක් වේවා; ප්‍රීතියේ කෑ-කෝ හඬ, ඒ රැයේ නො ඇසේවා. වස් කවි කියන්නෝ, ලෙවියාතන් අවුස්සන්ට පුළුවන්කම ඇත්තෝ ඒ දවසට ශාප කරත්වා; එහි උදා-තරුවල එළිය, අඳුරු වේවා; දැන් දැන් එළිය වැටෙතැයි නිකරුණේ බලා සිටීවා; අරුණලු හිරු රැස් ඊට දකින්නට නො ලැබේවා. මන්ද මේ විපත්ති මගේ ඇසින් නො දකින පිණිස, මා පිළිසිඳ ගැන්ම වළකමින් එය මා වැදූ දරු ගැබ වසා දැම්මේ නැත; “උපතේදී ම මා නො මැරුණේ ඇයි? මවු කුසෙන් බිහි වෙද්දී මා නො නැසුණේ ඇයි?





