යෝබ් 27:3-6
යෝබ් 27:3-6 SCV
මා තුළ පණනල තිබෙන තාක් කල්, දෙවියන්වහන්සේගේ හුස්ම මගේ නාස් පුඩුවල තිබෙන තාක් කල්, මගේ තොල් නපුර කතා කරන්නේ නැත; මගේ දිව වංචාව පවසන්නේ නැත. නුඹලා නිවැරදියැයි මම කිසි විටෙකත් නො පිළිගනිමි; මියෙන තුරා මගේ සෘජු භාවය මා අත්හරින්නේ නැත. මගේ ධර්මිෂ්ඨභාවය දිගට ම පවත්වාගෙන යන්නෙමි; කිසි විට එය අත්හරින්නේ නැත; මගේ දිවි ඇති තුරාවට මගේ හෘදය සාක්ෂිය මට වරද තබන්නේ නැත.





