YouVersion Logo
Search Icon

යෝබ් 26:7-14

යෝබ් 26:7-14 SCV

උන්වහන්සේ උතුරු අහස හිස් අභ්‍යවකාශයේ අතුරන සේක්, පෘතුවිය ශූන්‍යතාවයෙහි එල්ලා තබන සේක. උන්වහන්සේ තම වලාකුළුවල ජලය ඔතා තබන සේක; ඒ වලාකුළු ද ඒවායේ බරින් පැළී යන්නේ නැත. උන්වහන්සේ සඳ මඬලේ මුහුණත ආවරණ වන සේ තම වලාකුළු ඊට උඩින් විහිදන සේක. එළිය හා අඳුර අතර සීමා මායිම දක්වමින් උන්වහන්සේ සාගර ජල මත ක්ෂිතිජය සලකුණු කරන සේක; උන්වහන්සේගේ තරවටුවෙන් භයපත් ව, අහස් කුලුනු සැලෙන්නට වෙයි. ස්වකීය බලයෙන් උන්වහන්සේ මුහුද චංචල කළ සේක. ස්වකීය ප්‍රඥාවෙන් උන්වහන්සේ රහබ් ගසා හෙළූ සේක; උන්වහන්සේගේ හුස්මෙන් අහස ශෝභමාන විය; උන්වහන්සේගේ හස්තයෙන් ලිස්සා යන සර්පයා තුවාල කෙරිණ. දන්නවා ද! මේ කී දෑ උන්වහන්සේගේ කටයුතුවල වටාපිටාව පමණි; අපට ඇසෙන උන්වහන්සේගේ කෙඳිරීම කොතරම් සිහින් ද! එසේ නම් උන්වහන්සේගේ බලයේ ගිගුරුම් වටහා ගත හැක්කේ කවරකුට ද?”

Related Videos