යෝබ් 23:10-12
යෝබ් 23:10-12 SCV
එහෙත් මා ගන්නා මාර්ගය උන්වහන්සේ දන්නා සේක; උන්වහන්සේ මා උර ගෑ කල, මම රත්රන් සේ නික්ම එන්නෙමි. මගේ පාද උන්වහන්සේගේ පියවර පසු පස ළඟින් ම ඇදෙයි; මම බැහැරක නො යා, උන්වහන්සේගේ මාර්ගයෙහි ම පැවතුණෙමි. උන්වහන්සේගේ දෙතොලතරින් ආ ආඥාවලින් මම බැහැර ව නො ගියෙමි; මගේ දිනපතා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන මම හදේ නිදන් කොට තබා ගතිමි.





