යෝබ් 20
20
සෝෆර් යළිත්
1නාමාතීය සෝෆර් එවිට උත්තර දෙන්නට වන්නේ ය:
2“බෙහෙවින් මා කලබලයට පත් වූ නිසා,
ඇවිස්සුණු මගේ සිතුවිලි උත්තර දීමට මා පොලඹවයි.
3මට නිගරු කරන තරවටුවක් මට ඇසේ;
මගේ අවබෝධය ඉක්මවන ආත්මයක් ඊට පිළිතුරු දෙන්නට මා පොලඹවයි.
4“මිනිසා මිහි පිට හිඳ වූ තැන් පටන්, පුරාණයේ පටන්,
ඒ කෙසේ වී දැයි ඔබ දන්නේ නැති ද?
5දුෂ්ටයාගේ විනෝදය කෙටි වග;
දේව-අභක්තිකයාගේ ප්‍රීතිය මොහොතකට පමණක් වග.
6ඔහුගේ අහංකාරය අහස් කුසට ම ළඟා වූ නමුදු,
ඔහුගේ හිස වලාකුළුවල ගෑවුණ නමුදු,
7ඔහුගේ ම අශූචි මෙන් සදහට ම ඔහු වැනසී යයි.
ඔහු දැක තිබූ අය ‘කෝ ඔහු කොහේ දැ’ යි අසනු ඇත.
8සිහිනයක් මෙන් ඔහු ඉගිළී, නො පෙනී යයි;
තවත් දක්නට නො ලැබේ; රැයේ දර්ශනයක් සේ ඔහු පලවා හැරේ.
9ඔහු දැක තිබූ ඇස්වලට යළි ඔහු දක්නට නො ලැබේ;
ඔහුගේ පදිංචියෙහි තවත් ඔහු පෙනෙන්නට නැත.
10ඔහුගේ දරුවන් දුප්පතුන්ගෙන් උපකාර යදිනු ඇත;
ඔහුගේ ම අත්වලින් ඔහුගේ දේපළ ආපසු දෙනු ඇත.
11ඔහුගේ ඇටකටු පිර වූ යෞවනයේ ශක්තිය
ඔහු සමඟින් ධූලියෙහි වැද හොත්තේ ය.
12“නපුර ඔහුගේ මුව තුළ සුමිහිරි වෙතත්,
ඔහු එය තම දිව යට සඟවා ගනිතත්,
13එය ඉවතලීම ඔහුට නො රිසි ව,
එය තම මුවෙහි ම තබාගෙන සිටියත්,
14ඔහුගේ ආහාර ඔහුගේ උදරය තුළ ඇඹුල් වී,
ඔහු අභ්‍යන්තරයේ ඒවා සර්ප විසට හැරෙනු ඇත.
15ඔහු ගිල දැමූ වස්තුව යළි වමාරනු ඇත;
ඔහුගේ කුසේ ඇති දෑ දෙවියන්වහන්සේ ඔහුට වමාරන්නට සලස්වන සේක.
16ඔහු සර්පයින්ගේ විස උරා බොනු ඇත;
පොළඟාගේ දළයෙන් ඔහු මරා දැමෙනු ඇත.
17දියපාරවල අසිරිය ඔහු භුක්ති විඳින්නේ නැත;
මී පැණි ද දී-කිරි ද ගලා යන ගංගා ඔහු දකින්නේ නැත.
18ඔහු වෙහෙසී ලබා ගත් දෑ ආපසු දෙන්නට වේ; ඔහු ඒවා අනුභව කරන්නේ නැත.
ඔහුගේ වෙළඳාමෙන් ලද ලාභය, භුක්ති විඳීමට ඔහුට ලැබෙන්නේ නැත;
19එසේ වන්නේ ඔහු දුප්පතුනට පීඩා පමුණුවා, ඔවුන් අසරණ භාවයට පත් කර තිබූ නිසා ය;
තමා නො සෑදූ ගේ-දොර ඔහු බලෙන් අත්පත් කර ගෙන තිබූ නිසා ය.
20“සැබවින් ම ඔහුගේ තෘෂ්ණාවට සෑහීමක් නැත;
ඔහු ආශා කළ කිසිවක් ඔහුට රැක ගැනීමට නො ලැබේ.
21ඔහුට ගිල දමන්නට තවත් කිසිවක් ඉතිරි ව නැත;
එබැවින් ඔහුගේ සමෘද්ධිය පවතින්නේ නැත.
22ඔහුගේ බහුලත්වය අතරතුරදී ම විපත්තිය ඔහු අල්ලා ගන්නේ ය;
දුක්ඛිත භාවයේ පූර්ණ බලපෑම ඔහු පිට පතිත වන්නේ ය.
23ඔහු තම කුස පුරවා ගත් කල,
දෙවියන්වහන්සේ තම ඇවිළෙන කෝපය ඔහුට එරෙහිව එළිදක්වමින්,
ස්වකීය ආපදා ඔහු පිට වස්සන සේක.
24යකඩ ආයුධයෙන් බේරී ඔහු පලා ගියත්,
පිත්තල ඊතලයෙන් ඔහු සිදුරු කෙරෙන්නේ ය.
25එය ඔහුගේ පිටෙන් පිටතට අදිනු ලැබේ;
දිළිසෙන තුඩ අක්මාවෙන් පිටතට අදිනු ලැබ,
භීතියෙන් ඔහු වෙළී යන්නේ ය.
26ඝන අන්ධකාරය ඔහුගේ ධන සම්පත් පිට අතුරා තිබේ.
මිනිසා නො දල්වන ලද ගින්නක්
ඔහු ද ඔහුගේ කූඩාරමේ ඉතිරි ව ඇති දෑ ද දවා දමනු ලබන්නේ ය.
27අහස ඔහුගේ අකටයුතුකම් හෙළි කරන්නේ ය;
පොළොව ඔහුට එරෙහිව නැගී සිටින්නේ ය.
28ගං වතුරකින් ඔහුගේ නිවස ගසා ගෙන යනු ඇත;
උදහසේ දවසේ ඒවා ගසා ගෙන යනු ඇත.
29දුෂ්ට මිනිසාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන කොටස ඒක ය,
දෙවියන්වහන්සේ ඔවුනට නියම කළ උරුමය ඒක ය.”
Currently Selected:
යෝබ් 20: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: