යෝබ් 2:7-10
යෝබ් 2:7-10 SCV
එවිට සාතන් ස්වාමින්වහන්සේ අබියසින් ඉවත් ව ගොස්, යෝබ්ගේ යටි පතුලේ සිට හිස මුදුන දක්වා ගත පුරා වේදනාකාරී තුවාල හටගන්වමින් ඔහුට පීඩා කළේ ය. යෝබ් අළු ගොඩේ හිඳගෙන, තම ඇඟ කසා ගැනීමට බිඳුණු වළං කැබැල්ලක් ගත්තේ ය. යෝබ්ගේ බිරිඳ ඔහු අමතමින්, “නුඹ තවමත් නුඹේ අවංකකම බදාගෙන ඉන්නවා ද? දෙවියන්වහන්සේට ශාප කර මැරියන්” යැයි කීවා ය. එහෙත් ඔහු ඇයට පිළිතුරු දෙමින්, “අඥාන ස්ත්‍රියක් වගේ කතා කරන්නේ මොකද? අපි දෙවියන්වහන්සේගෙන් හොඳ දේ වගේ ම විපත්තියත් පිළිගත යුතු නො වේ දැ?” යි කීවේ ය. මේ සියල්ල අතරතුරදී යෝබ් වචනයකින් හෝ පව් කළේ නැත.





