යෝබ් 2:4-6
යෝබ් 2:4-6 SCV
සාතන් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “හම වෙනුවට හමකි; තම ජීවිතය වෙනුවට මිනිසකු ඕනෑ ම දෙයක් දේවි; ඔබගේ අත දිගු කර ඔහුගේ මාංසයටත්, ඇටකටුවලටත් පහර දී බලන්න; එවිට නිසැකයෙන් ඔහු ඔබේ මුහුණට ම ශාප කරනු ඇතැ” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ, “හොඳයි; එසේ නම් ඔන්න! ඔහු නුඹේ අත යටතෙයි; එහෙත් ඔහුගේ ජීවිතය ඉතිරි කළ යුතු යැ” යි කී සේක.





