YouVersion Logo
Search Icon

යෝබ් 2:11-13

යෝබ් 2:11-13 SCV

යෝබ්ගේ මිතුරන් වන තේමානීය එලීෆස් ද ෂූහීය බිල්දද් හා නාමාතීය සෝෆර් ද යන තිදෙන යෝබ්ට පැමිණි මුළු ඇබැද්දිය ගැන ඇසූ කල, ඔහුට අනුකම්පා කර, ඔහු අස්වසන්නට ගිවිස, තම නිවෙස්වලින් පිටත් ව එකට එක් ව ඔහු බැහැ දකින්නට ආහ. ඈතදීම ඔහු දුටු ඔවුනට ඔහු හඳුනා ගැනීමට තරම් අපහසු විය. ඔවුහු මහ හඬ නගා හඬන්නටත්, තම හැඳිවත් ඉරාගන්නටත්, තම හිස් මත ධූලි දමාගන්නටත් වන්හ. ඉන්පසු ඔවුහු දහවල් හතක් හා රෑ හතක් ඔහු සමඟ බිම හිඳගෙන, කිසි කතාවක් නැතිව සිටියහ. මන්ද ඔහු විඳවන තරම ඔවුන් දුටු නිසා ය.

Free Reading Plans and Devotionals related to යෝබ් 2:11-13