යෝබ් 2:11-12
යෝබ් 2:11-12 SCV
යෝබ්ගේ මිතුරන් වන තේමානීය එලීෆස් ද ෂූහීය බිල්දද් හා නාමාතීය සෝෆර් ද යන තිදෙන යෝබ්ට පැමිණි මුළු ඇබැද්දිය ගැන ඇසූ කල, ඔහුට අනුකම්පා කර, ඔහු අස්වසන්නට ගිවිස, තම නිවෙස්වලින් පිටත් ව එකට එක් ව ඔහු බැහැ දකින්නට ආහ. ඈතදීම ඔහු දුටු ඔවුනට ඔහු හඳුනා ගැනීමට තරම් අපහසු විය. ඔවුහු මහ හඬ නගා හඬන්නටත්, තම හැඳිවත් ඉරාගන්නටත්, තම හිස් මත ධූලි දමාගන්නටත් වන්හ.





