YouVersion Logo
Search Icon

යෝබ් 2:1-6

යෝබ් 2:1-6 SCV

දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නට ආ තවත් දිනෙක සාතන් ද ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නට ඔවුන් සමඟ පැමිණියේ ය. ස්වාමින්වහන්සේ සාතන් අමතා, “නුඹ කොහේ සිට මෙහි ආවා දැ?” යි ඇසූ සේක. සාතන් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “මම පොළොවේ ඔබ මොබ සැරිසරා, ඒ මේ අත ඇවිද ආවෙමි” යි කීවේ ය. එවිට ස්වාමින්වහන්සේ, “මගේ සේවක යෝබ් ගැන නුඹ සිතා බැලුවා ද? ඔහු වැනි කෙනෙක් මුළු පොළෝ තලයේ ම නැත. ඔහු නිදොස්, අවංක කෙනෙකි; දෙවියන්වහන්සේට භය පක්ෂපාත වූ නපුරෙන් වැළකුණු මිනිසෙකි; කිසි හේතුවක් නැතිව ඔහු විනාශ කර දමන්නට ඔහුට එරෙහිව නුඹ මා පෙලඹෙවු නමුත්, ඔහු තවමත් තම අවංක භාවය රැකගෙන සිටී” යි සාතන්ට පැවසූ සේක. සාතන් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “හම වෙනුවට හමකි; තම ජීවිතය වෙනුවට මිනිසකු ඕනෑ ම දෙයක් දේවි; ඔබගේ අත දිගු කර ඔහුගේ මාංසයටත්, ඇටකටුවලටත් පහර දී බලන්න; එවිට නිසැකයෙන් ඔහු ඔබේ මුහුණට ම ශාප කරනු ඇතැ” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ, “හොඳයි; එසේ නම් ඔන්න! ඔහු නුඹේ අත යටතෙයි; එහෙත් ඔහුගේ ජීවිතය ඉතිරි කළ යුතු යැ” යි කී සේක.