යෝබ් 19:23-27
යෝබ් 19:23-27 SCV
“අහෝ මගේ වචන ලියනු ලැබුවහොත් යහපත; ඒවා ඇකුළුම් පොතක ලියා තබන්නේ නම්; යකඩ කූරකින් සහ ඊයම්වලින් ඒවා පර්වතයක සදහට ම කොටා තබන්නට ඇත්නම් කොපමණ හොඳ ද! මගේ මිදුම්කරුවාණන් ජීවත් වන වග ද අන්තිමේදී උන්වහන්සේ පොළොව මත නැගී සිටිනා වග ද මම දනිමි; මගේ මේ හම විනාශ වී ගිය පසුව වුව ද මගේ මාංසයෙන් යුතු ව මම දෙවියන්වහන්සේ දකින්නෙමි. මේ මම උන්වහන්සේ දකින්නෙමි; මගේ ම දෑසින්-අනෙකකු නො ව මේ මම උන්වහන්සේ දකින්නෙමි. ඒ පිණිස මගේ හදවත මා තුළ කොතරම් ලොල් වේ ද!





