යෝබ් 11:13-18
යෝබ් 11:13-18 SCV
“එහෙත් ඔබ ඔබේ හදවත උන්වහන්සේට කැප කර, උන්වහන්සේ වෙතට ඔබේ දෑත් දිගු කරන්නේ නම්, ඔබ අත ඇති පාප ඔබ ඉවත දමා, කිසි නපුරකට ඔබේ කූඩාරමෙහි වාසයට ඉඩ නො දෙන්නේ නම්, එවිට ලජ්ජාවෙන් තොර ව ඔබ මුහුණ ඔසවනු ඇත; බියෙන් තොර ව ඔබ නො සැලී සිටගනු ඇත. සැබවින් ම ඔබට ඔබේ කරදර අමතක ව යනු ඇත; ඒවා සිහිවනු ඇත්තේ බැස ගිය ජලය පරිද්දෙනි. ඔබගේ ජීවිතය මද්දහනටත් වඩා දීප්තිමත් වන්නේ ය; අන්ධකාරය ඔබට උදෑසන මෙන් වන්නේ ය. බලාපොරොත්තුවක් ඇති බැවින් ඔබ සුරක්ෂිත ව සිටිනු ඇත. ඔබ වටපිට විපරම් කර, සුරක්ෂිත ව විවේක ගනු ඇත.





