යෝබ් 1:1-3
යෝබ් 1:1-3 SCV
යෝබ් නම් වූ මිනිසෙක් ඌස් දේශයේ වාසය කළේ ය. ඔහු නිදොස්, අවංක මිනිසෙක් විය; දෙවියන්වහන්සේට භය පක්ෂපාත වූ ඔහු නපුරෙන් වැළකුණු කෙනෙකි. ඔහුට පුතුන් හත් දෙනෙක් ද දූවරුන් තුන් දෙනෙක් ද වූහ. තවද බැටළුවන් හත්දහසක් ද ඔටුවන් තුන්දහසක් ද හරක්-බාන් පන්සියයක් ද බූරු දෙනුන් පන්සියයක් ද අයිති ව සිටි ඔහුට දැසි දස්සෝ මහත් ගණනක් ද වූහ; නැගෙනහිර ජනයා අතර ශ්‍රේෂ්ඨතමයා වූයේ ඔහු ය.





