YouVersion Logo
Search Icon

යොහන් 9:2-7

යොහන් 9:2-7 SCV

එවිට ගෝලයෝ උන්වහන්සේ අමතා, “රබ්බී, මොහු අන්ධ ව උපදින්නට පව් කළේ කවුරු ද? මේ මිනිසා ද? නැතහොත් මොහුගේ මවු පියන් දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ මිනිසාවත්, ඔහුගේ මව් පියන්වත් කළ පාප නිසා නො වෙයි. දෙවියන්වහන්සේගේ ක්‍රියා ඔහු තුළ විදහා දැක්වීමටයි. දහවල් ව තිබියදී මා එවූ තැනැන්වහන්සේගේ වැඩ අප කළ යුතුයි. රාත්‍රිය එළැඹෙයි. එවිට කිසිවකුටත් වැඩ කරන්නට බැරි වෙයි. මා ලෝකයේ සිටින තුරු ලෝකයේ ආලෝකය මම වෙමි” යි පැවසූ සේක. ඒ දෑ කියා, බිමට කෙළ ගැසූ උන්වහන්සේ, කෙළවලින් මඩ සාදා ගත් සේක; ඉන්පසු ඒ මිනිසාගේ ඇස්වල ඒ මඩ ආලේප කර, “ගොසින්, සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැ” යි පැවසූ සේක. “සිලෝවම්” යන්න එවන ලද්දේ ය යනුයි. එබැවින් ඔහු ගොස්, සෝදා, පෙනීම ඇතුව, ආපසු ආවේ ය.