YouVersion Logo
Search Icon

යොහන් 8:27-29

යොහන් 8:27-29 SCV

උන්වහන්සේ ඔවුන්ට පවසන්නේ, පියාණන්වහන්සේ ගැන වග ඔවුන්ට වැටහුනේ නැත. එබැවින් ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔබ මනුෂ්‍ය පුත්‍රයා උඩට එසවූ කල, මා උන්වහන්සේ වගත්, පියාණන්වහන්සේ ඉගැන් වූ දේ පවසනවා මිස, මා මගේ ම ආධිපත්‍යයෙන් කිසිවක් කරන්නේ නැති වගත් ඔබ දැනගන්නවා ඇති. මා එවූ තැනැන්වහන්සේ මා සමඟයි. උන්වහන්සේ මා තනිකර නැත; මන්ද මා හැම විට කරන්නේ උන්වහන්සේ ප්‍රසන්න දේ යැ” යි කී සේක.