යොහන් 8:25-32
යොහන් 8:25-32 SCV
“ඔබ කවුරු දැ?” යි ඔවුහු ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මුල පටන් ම මා ඔබට කී දේයි. ඔබ ගැන කියන්නට හා විනිශ්චය කරන්නට බොහෝ දෑ මට තිබේ. එහෙත් මා එවූ තැනැන්වහන්සේ සත්‍ය ය; මා ලෝකයට ප්‍රකාශ කරන්නේ උන්වහන්සේගෙන් මා ඇසූ දේ යැ” යි පැවසූ සේක. උන්වහන්සේ ඔවුන්ට පවසන්නේ, පියාණන්වහන්සේ ගැන වග ඔවුන්ට වැටහුනේ නැත. එබැවින් ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔබ මනුෂ්‍ය පුත්‍රයා උඩට එසවූ කල, මා උන්වහන්සේ වගත්, පියාණන්වහන්සේ ඉගැන් වූ දේ පවසනවා මිස, මා මගේ ම ආධිපත්‍යයෙන් කිසිවක් කරන්නේ නැති වගත් ඔබ දැනගන්නවා ඇති. මා එවූ තැනැන්වහන්සේ මා සමඟයි. උන්වහන්සේ මා තනිකර නැත; මන්ද මා හැම විට කරන්නේ උන්වහන්සේ ප්‍රසන්න දේ යැ” යි කී සේක. උන්වහන්සේ මෙසේ පවසද්දී බොහෝ දෙනෙක් උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ. තමන් තුළ විශ්වාස කළ යුදෙව්වරුන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔබ මගේ වචනයේ පිහිටා සිටිනවා නම්, සැබවින් ම ඔබ මගේ ගෝලයෝයි. එවිට ඔබ සත්‍යය දැනගන්නවා ඇත; ඒ සත්‍යය ඔබ නිදහස් කරනු ඇතැ” යි පැවසූ සේක.





