යොහන් 6:9-12
යොහන් 6:9-12 SCV
“යව රොටි පහකුත්, මසුන් දෙදෙනකුත් ඇති ළමයෙක් මෙහි සිටියි. ඒත් මෙතරම් සෙනඟකට එය මක්කරන්න දැ?” යි පැවසී ය. “මිනිසුන් හිඳුවන්නැ” යි යේසුස්වහන්සේ කී සේක. එතැන බෙහෙවින් තණ වැවී තිබිණ. ගණනින් පන්දහසක් පමණ වූ පිරිමි හිඳ ගත්හ. යේසුස්වහන්සේ ඒ රොටි ගත් සේක්, තුති පුදා, එතැන හිඳ සිටි ජනයාට ඒවා බෙදා දුන් සේක. මසුන් ද ඔවුන්ට අවැසි තරම් බෙදූ සේක. මෙසේ ඔවුන් කුස පිරෙන්නට කෑ පසු, තම ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “ඉතිරි වූ කැබලි එකතු කරන්න; කිසිවක් අපතේ නාරින්නැ” යි පැවසූ සේක.


![[Who's Your One? Series] Valuable යොහන් 6:9-12 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F19681%2F1440x810.jpg&w=3840&q=75)


