YouVersion Logo
Search Icon

යොහන් 2:7-11

යොහන් 2:7-11 SCV

“භාජනවලට වතුර පුරවන්නැ” යි යේසුස්වහන්සේ සේවකයින්ට කී සේක; ඔවුහු මුවවිට දක්වා ම ඒවා ජලයෙන් පිරවූහ. “දැන් මෙයින් ටිකක් ගෙන ගොස්, උත්සව සංවිධායකට දෙන්නැ” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක. ඔවුහු එසේ කළහ. සංවිධායක, මිදි යුෂ බවට පත් වතුර රස බැලුවේ ය; වතුර අදින ලද සේවකයින් දැන සිටි නමුදු ඒවා කොතැනින් ලැබුණේදැයි ඔහු දැන සිටියේ නැත. එහෙයින් මනාලයා පසෙකට කැඳවූ ඔහු, “කවුරුත් කරන්නේ පළමුවෙන් අනගි මිදි යුෂවලින් සංග්‍රහකොට, මිනිසුන් පදමට බිවූ පසු බාල මිදි යුෂ දීමයි. එහෙත් ඔබ ඉස්තරම් ඒවා එළියට ගෙන ඇත්තේ දැන්” යැයි කීවේ ය. මෙය යේසුස්වහන්සේ ගලීලයේ කානාහි දී පෑ ප්‍රථම අනුහස් ලකුණ ය; මෙයින් උන්වහන්සේ ස්වකීය තේජෝ මහිමය ප්‍රකාශ කළ සේක; උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ.

Free Reading Plans and Devotionals related to යොහන් 2:7-11