YouVersion Logo
Search Icon

යොහන් 2:14-22

යොහන් 2:14-22 SCV

මිනිසුන් ගව, බැටළු, පරෙවි ආදී සතුන් දේව මාලිග මළුව තුළ අලෙවි කරනු ද විනිමය මාරු කරන්නන් ගනුදෙනු සඳහා හිඳ සිටිනු ද දුටු උන්වහන්සේ, ලණුවලින් කසයක් තනා, ගවයින් හා බැටළුවන් සමඟ ඒ සියල්ලන් පිටතට පන්නා, විනිමයකරුවන්ගේ කාසි විසුරුවා, ඔවුන්ගේ මේස ද පෙරළා දැමූ සේක; පරෙවි වෙළඳුන් වෙත හැරුණු උන්වහන්සේ, “මේවා මෙතැනින් අරන් පලයල්ලා. මා පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් කිරීම නවතපල්ලා” යි කී සේක. එවිට ලියා ඇති පරිදි, “ඔබගේ ගෘහය උදෙසා වූ උද්යෝගයෙන් මා ඇවිළේ” යන්න උන්වහන්සේගේ ගෝලයින්ට මතක් විය. එවිට යුදෙව් නායකයෝ උන්වහන්සේට කතා කරමින්, “මේවා කිරීමට ඔබ පෙන්වන අනුහස් ලකුණ කුමක් දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ මාලිගය කඩා දමන්න; තුන් දවසකින් මම එය නැවත ගොඩ නගන්නෙමි” යි පැවසූ සේක. එවිට ඔවුහු, “මේ මාලිගය ගොඩ නගන්නට හතළිස් හය වසරක් ගත වුණා; ඔබ එය දවස් තුනකින් ගොඩ නගන්න යනවා දැ?” යි ඇසූහ. එහෙත් උන්වහන්සේ කී මාලිගාව උන්වහන්සේගේ ම ශරීරයයි. යේසුස්වහන්සේ මරණින් යළි නැගිට්ට පසු, උන්වහන්සේගේ ගෝලයින්ට උන්වහන්සේගේ මේ කියමන මතක් විය; එවිට ඔවුහු ශුද්ධ ලියවිල්ල ද උන්වහන්සේ පැවසූ වචන ද විශ්වාස කළෝ ය.

Free Reading Plans and Devotionals related to යොහන් 2:14-22