යොහන් 19:9-11
යොහන් 19:9-11 SCV
ඔහු යළිත් තම මැදුර තුළට පිවිස, යේසුස්වහන්සේ අමතා, “ඔබ කොහෙන් පැමිණියේ දැ?” යි ඇසී ය. එහෙත් යේසුස්වහන්සේ ඔහුට උත්තර නො දුන් සේක. පිලාත් උන්වහන්සේ අමතමින්, “මට ඔබ උත්තර දෙන්නේ නැද්ද? ඔබ නිදහස් කරන්නටත්, කුරුසිපත් කරන්නටත් මට බලය තිබෙන බව දන්නේ නැද්දැ?” යි ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඉහළින් ඔබට අනුමැතිය දුන්නොත් මිස, මා කෙරේ ඔබට කිසි බලයක් නැත. එබැවින් ඔබ අතට මා පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතළ යැ” යි කී සේක.





