YouVersion Logo
Search Icon

යොහන් 19:38-40

යොහන් 19:38-40 SCV

යුදෙව්වරුන්ට වූ බය නිසා රහසේ යේසුස්වහන්සේගේ ගෝලයකු ව සිටි අරමාතියේ යෝසෙප් මේ දේවලට පසු, පිලාත් වෙත ගොස්, යේසුස්වහන්සේගේ දේහය ගෙන යන්නට අවසර ඉල්ලී ය. පිලාත් ඊට අවසර දුන්නෙන්, ඔහු පැමිණ උන්වහන්සේගේ දේහය ගෙන ගියේ ය. ඉහත එක් රැයක යේසුස්වහන්සේ වෙත පැමිණි නිකදේමුස් ද සුවඳ ද්‍රව්‍ය හා අගිල් මිශ්‍රණය ලිත්‍රා සියයක් පමණ රැගෙන ආයේ ය. ඔවුහු යුදෙව්වරුන්ගේ භූමදාන චාරිත්‍ර ලෙස සුවඳ ද්‍රව්‍ය සමඟ සිහින් හණ රෙදිවලින් යේසුස්වහන්සේගේ දේහය ඔතා සූදානම් කළහ.

Free Reading Plans and Devotionals related to යොහන් 19:38-40