යොහන් 19:23-24
යොහන් 19:23-24 SCV
යේසුස්වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පසු හේවායෝ, උන්වහන්සේගේ පිට ඇඳුම් ගෙන, එක් කෙනකුට කොටසක් වශයෙන් සතර කොටසකට බෙදා ගත්හ. ඔවුහු උන්වහන්සේගේ කබාය ද ගත්හ. එම කබාය ඉහළ සිට පහළට මුළුමනින් එක ම කඩක් ව වියන ලද්දකි. එබැවින් ඔවුහු එකිනෙකා අමතමින්, “අපි මෙය ඉරන්නේ නැතිව කාට එය වැටේදැයි බලන්න පස ඇට දමමු” යි කීහ. එසේ වූයේ, “ඔවුහු මගේ ඇඳුම් තමන් අතරේ බෙදාගෙන, මගේ වස්ත්‍ර සඳහා පස ඇට දැමූහ” යි ලියවුණු ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස ය. හමුදා භටයන් කළේ ද එය ම ය.





