යොහන් 16:7-14
යොහන් 16:7-14 SCV
එසේ වුවත් මම ඔබට සැබෑව කියන්නම්; මා ඉවත් ව යන්නේ ඔබේ ම යහපතටයි. මා ඉවත් ව ගියහොත් මිස, සහනදායකයාණන් ඔබ වෙත එන්නේ නැත. එහෙත් මා ගියහොත්, මම උන්වහන්සේ ඔබ වෙත එවන්නෙමි. උන්වහන්සේ පැමිණි කල, පාපය ද ධර්මිෂ්ඨකම ද විනිශ්චය ද පිළිබඳව ලෝකයාට ඒත්තු ගන්වන සේක. පාපය පිළිබඳව වන්නේ, ඔවුන් මා අදහා නො ගැනීම නිසා ය. ධර්මිෂ්ඨකම පිළිබඳව වන්නේ, පියාණන්වහන්සේ වෙත මා යන හෙයින් මින් මතු මා දකින්නට ඔබට නො ලැබෙන නිසා ය. විනිශ්චය පිළිබඳව වන්නේ, මෙලොවෙහි අධිපතියා විනිශ්චය කරනු ලැබ ඇති නිසා ය. “ඔබට කියන්නට තවත් බොහෝ දේ මට තියේ. එහෙත් දැන් ඒවා දරන්නට ඔබට නුපුළුවන. එහෙත් සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා ඔබට මග පෙන්වනු ඇත. උන්වහන්සේ තම ආධිපත්‍යයෙන් කතා නො කරන සේක්, තමන් අසන දෑ පවසමින්, මතු පැමිණෙන දෑ ඔබට ප්‍රකාශ කරනු ඇත. මා සතු දෑ ගෙන, ඒවා ඔබට ප්‍රකාශ කරමින් උන්වහන්සේ මා මහිමයට පමුණු වන සේක.





