යොහන් 15:22-25
යොහන් 15:22-25 SCV
මා නො පැමිණියා නම්, හා ඔවුන්ට නො පැවසුවා නම් පාපය ගැන ඔවුන් වරදකරුවන් නො වේ. එහෙත් දැන් තම පාපය ගැන නිදහසට කරුණු ඔවුන්ට නැත. මට ද්වේෂ කරන කවරෙක් වුවත්, මගේ පියාණන්වහන්සේට ද ද්වේෂ කරයි. කිසි කෙනකු නො කළ වැඩ මා ඔවුන් මධ්‍යයේ සිදු නො කළා නම්, පාපය ගැන ඔවුන් වරදකරුවන් නො වේ. එනමුත් දැන් ඔවුහු ඒ දෑ දැක, මටත්, මගේ පියාණන්වහන්සේටත් යන දෙදෙනාට ම ද්වේෂ කරති. එහෙත් එසේ වූයේ, ‘අහේතුක ව ඔවුහු මට ද්වේෂ කළහ’ යන ඔවුන්ගේ ව්‍යවස්ථාවේ ලියා ඇති වචනය ඉෂ්ට විය යුතු නිසා ය.





