යොහන් 14:11-14
යොහන් 14:11-14 SCV
‘මා පියාණන්වහන්සේ තුළත්, පියාණන්වහන්සේ මා තුළත් වෙසෙන සේක’ යන මගේ කීම විශ්වාස කරන්න. අඩු වශයෙන් මා කරන ක්‍රියා නිසාවත් විශ්වාස කරන්න. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මා තුළ විශ්වාස කරන කවුරුන් වුවත්, මා කරන ක්‍රියා කරනු ඇති බවයි; මීටත් වඩා මහත් ක්‍රියා ඔහු කරනු ඇත. මන්ද පියාණන්වහන්සේ වෙත මා යන නිසයි. මගේ නමින් ඔබ මොන යම් දෙයක් ඉල්ලුවත්, පුත්‍රයාණන් තුළ පියාණන්වහන්සේ ගෞරවයට පැමිණෙනු පිණිස, මම එය ඉටු කරමි. ඔබ මගේ නාමයෙන් මොන යම් දෙයක් ඉල්ලුවත් මම එය කරන්නෙමි.





