යොහන් 12:9-11
යොහන් 12:9-11 SCV
ඒ අතර යේසුස්වහන්සේ එහි පැමිණ සිටිතැයි දැනගත් යුදෙව්වරු මහත් සමූහයක් උන්වහන්සේ නිසා පමණක් නො ව, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ ලාසරස් ද දකින පිණිස ආහ. එබැවින් ලාසරස් ද මරා දමන්නට නායක පූජකයෝ සැලසුම් කළහ. මන්ද ඔහු නිසා යුදෙව්වරුන් බොහෝ දෙනකු හැරී යමින්, යේසුස්වහන්සේ තුළ විශ්වාස කරන්නට වූ හෙයිනි.





