යෙරමියා 23:7-8
යෙරමියා 23:7-8 SCV
“ඔන්න මෙබඳු දවස් පැමිණෙතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක, “ ‘ඉශ්‍රායෙල් ජනයින් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම යනුවෙන්’ තවදුරටත් කියන්නේ නැත. ‘ඉශ්‍රායෙල් වංශයෙන් පැවතෙන්නන්, උතුරු දේශයෙන් ද උන්වහන්සේ විසින් ඔවුන් පලවා හැර තිබූ සෙසු සියලු රටවලින් ද ඔවුන් ආපසු ගෙන ආ ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම යනුවෙන්’ කියන දවස් පැමිණෙන්නේ ය. එවිට ඔවුන් තමන්ගේ ම වූ දේශයේ වාසය කරනු ඇත.”





