යෙරමියා 22:13-17
යෙරමියා 22:13-17 SCV
“අධර්මිෂ්ඨකමින් තම නිවස ද අයුක්තියෙන් තම උඩු මහල් ද තනාගන්නා වූ තමන්ට සේවය කිරීමට තම අසල්වැසියාට කුලී නො ගෙවා, ඔහුගෙන් නිකම් වැඩගන්නා වූ තැනැත්තාට ශාප වේ! ‘විසල් උඩු මහල් කාමරවලින් යුතු මහ මන්දිරයක් මම ගොඩ නගමි’ යි ඔහු කියයි. ඔහු දේවදාර පනෙල් ගසා, සාදලිංගම් පින්තාරුයෙන් සරසා, ඊට ජනේල කැප්පවී ය. “ඔබ රජකු බවට පත් වූයේ, වඩ වඩා දේවදාර සමඟ තරඟ කළ නිසායැයි ඔබ සිතනවා ද? ඔබේ පියා ආහාර පාන ලැබුවේ නැද්ද? ඔහු යුක්තියත්, දමිටුකමත් කළේ ය. එබැවින් ඔහුට සුබ සිද්ධ විණ. ඔහු දිළිඳුන්ගේ ද දුප්පතුන්ගේ ද යුක්තිය ඉෂ්ට කළේ ය; එමඟින් සුබ සිද්ධිය සැලසුණේ ය. මා හැඳින ගැනීම යනු එය ම නො වේ” දැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “එහෙත් ඔබගේ ඇස් ද ඔබගේ හදවත ද යොමු ව ඇත්තේ අයුතු වාසියට ය; නිදොස් ලේ හැලීමට, හිංසා-පීඩාවට හා ගසාකෑමට පමණි.”


