YouVersion Logo
Search Icon

යෙරමියා 2:20-22

යෙරමියා 2:20-22 SCV

“බොහෝ ඉහතදී නුඹ, නුඹේ වියගහ බිඳ, නුඹේ බැමි ඉරා දමා, ‘මම ඔබට සේවය නො කරමි’ යි කීවේ ය. ඇත්තෙන් ම නුඹ හැම උස් කන්දක් මත ද අතු පතර ඇති හැම ගහක් යට ද වෙසඟනක සේ වැතිරුණේ ය. මුළුමනින් විශ්වසනීය පැළ තවානෙන් අනගි මිදි වැලක් වශයෙන් මම නුඹ පැළ කළෙමි. එසේ නම් නුඹ මා ඉදිරියේ පිරිහුණු, වල් මිදි වැලක් බවට පත් වූයේ කෙසේ ද? අපුල්ලන දියරින් හා බෙහෙවින් සබන් යොදා, ඔබ හොඳහැටි සෝදා ගත්තත් ඔබේ අපරාධයෙහි ලප-පැල්ලම් තවමත් මා ඉදිරියෙහි යැ” යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

Video for යෙරමියා 2:20-22