YouVersion Logo
Search Icon

යෙරමියා 1:6-9

යෙරමියා 1:6-9 SCV

එවිට මම, “අහෝ, පරමාධිපති ස්වාමින්වහන්ස, බලන්න කෙලෙස කතා කරන්නදැයි මම නො දනිමි. මන්ද තවමත් මම කොලු ගැටයකු පමණි” යි කීවෙමි. එහෙත් ස්වාමින්වහන්සේ මා අමතමින්, “ ‘මම කොලු ගැටයකු පමණි’ යි නො කියනු. මන්ද මා ඔබ යවන හැම කෙනකු වෙත ම ඔබ යා යුතු ය. මා ඔබට අණ කරන කවරක් වුව, ඔබ පැවසිය යුතු ය. ඔවුනට භය නො වන්න. මන්ද ඔබ ගලවන්නට මම ඔබ සමඟ සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේකැයි පැවසූ සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ තම අත දිගු කොට, මගේ මුව ස්පර්ශ කළ සේක. ස්වාමින්වහන්සේ මා අමතමින්, “ඔන්න! මම මගේ වචන ඔබේ මුවෙහි තැබීමි.