යෙරමියා 1:6-8
යෙරමියා 1:6-8 SCV
එවිට මම, “අහෝ, පරමාධිපති ස්වාමින්වහන්ස, බලන්න කෙලෙස කතා කරන්නදැයි මම නො දනිමි. මන්ද තවමත් මම කොලු ගැටයකු පමණි” යි කීවෙමි. එහෙත් ස්වාමින්වහන්සේ මා අමතමින්, “ ‘මම කොලු ගැටයකු පමණි’ යි නො කියනු. මන්ද මා ඔබ යවන හැම කෙනකු වෙත ම ඔබ යා යුතු ය. මා ඔබට අණ කරන කවරක් වුව, ඔබ පැවසිය යුතු ය. ඔවුනට භය නො වන්න. මන්ද ඔබ ගලවන්නට මම ඔබ සමඟ සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේකැයි පැවසූ සේක.





