YouVersion Logo
Search Icon

යෙරමියා 1:17-19

යෙරමියා 1:17-19 SCV

“එහෙත් ඔබ, ඉඟ පටිය බැඳ, ලැහැස්ති වන්න. නැගිටින්න. මා ඔබට අණ කරන සියල්ල ඔවුන්ට පවසන්න. ඔබ භය ගන්වන්නට ඔවුන්ට ඉඩ නො දෙන්න. නැතහොත් මම ඔවුන් ඉදිරිපිට ඔබ භය ගන්වන්නෙමි. තවද මම, මෙන්න අද දවසේ මම මුළු දේශයට එරෙහිව, යූදාහි රජවරුන්ට එරෙහිව, එහි අධිපතීන්ට, එහි පූජකයන්ට හා දේශවාසීන්ට එරෙහිව බළකොටු පුරවරයක් ද යකඩ කුලුනක් ද ලෝකඩ පවුරක් ද කොට ඔබ පත් කරමි. ඔබට එරෙහිව ඔවුන් සටන් වදිනු ඇත. එහෙත් ඔවුන්, ඔබ පරදවන්නේ නැත. මන්ද ඔබ ගලවන්නට මම ඔබ සමඟ සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.