YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 8:1-5

විනිසුරුවෝ 8:1-5 SCV

ඉන්පසු එප්‍රායිම් ජනයා, ඔහු අමතමින්, “මොකක් ද මේ නුඹ අපට කළේ? මිදියන්වරුන්ට එරෙහිව සටනට යද්දී අප කැඳවූයේ නැත්තේ ඇයි?” දැයි අසමින්, ඔහුට සැරෙන් දොස් පැවරූහ. එහෙත් ඔහු, ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ කළ දෑ හා සසඳන විට මා කර ඇත්තේ මොනවා ද? එප්‍රායිම් ඇහිඳ ගත් මිදි පල, අබියෙසෙර්ගේ මුළු මිදි අස්වැන්නටත් වඩා අගෙයි නො වේ ද? දෙවියන්වහන්සේ මිදියන් නායකයින් වන ඔරේබ් හා ‍සෙයේබ් ඔබේ අත්වලට දී ඇත. ඔබ හා සසඳන කල, මට කළ හැකි වූයේ මොනවා දැ?” යි කීවේ ය. ඔහු එසේ කී කල, ඔහුට එරෙහිව තිබූ ඔවුන්ගේ කෝපය සංසිඳිණි. ගිඩියොන් හා ඔහුගේ මිනිසුන් තුන්සිය දෙනා දැඩි වෙහෙසට පත් ව සිටි නමුදු, දිගට ම ලුහුබඳිමින්, යොර්දාන් වෙත අවුත්, එයින් එතෙර වූහ. ඔහු සුක්කොත්හි මිනිසුන්ට කතා කොට, “මා අනුව ආ මිනිසුන්ට කරුණාකර රොටි දෙන්න. ඔවුන් වෙහෙසට පත් වෙලා. මම තවමත් මිදියන් රජුන් වන සෙබා හා සල්මුන්නා ලුහුබැඳ යමින් සිටිමි” යි කීවේ ය.

Video for විනිසුරුවෝ 8:1-5

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 8:1-5