YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 6:37-40

විනිසුරුවෝ 6:37-40 SCV

මෙන්න, මම බැටළු ලොම් මිටියක්, කමතේ තබන්නෙමි. ලොම් මත පමණක් පිනි වැටී, අවට මුළු බිම වියළි ව තිබුණොත්, ඔබ පැවසූ පරිදි මා මගින් ඔබ ඉශ්‍රායෙල් ගලවන වග මම එයින් දැන ගන්නෙමි” යි කී ය. එය එසේ ම සිදු විණ. පසු දා උදෙන් පිබිදි ගිඩියොන්, ලොම් මිටිය තද කළේ ය. ඔහු එය මිරිකූ කල, බඳුනක් පිරෙන්නට පිනි දිය එහි විය. ඉන්පසු ගිඩියොන්, දෙවියන්වහන්සේ අමතමින්, “මා හා කෝප නො වනු මැනව. තව එක් වරක් මම කතා කරන්නෙමි. ලොම් මිටියෙන් තව එක් පිරික්සුමකට අවසර දුන මැනව. මෙවර ලොම් මිටිය වියළි ව තිබියදී, අවට මුළු බිම පිනි ඇතිරේවා!” යි කීවේ ය. ඒ රැයේ දෙවියන්වහන්සේ එය ද කළ සේක. ලොම් පමණක් වියළි ව තිබිණ. මුළු බිම පුරා පිනි විසිරී තිබිණ.

Video for විනිසුරුවෝ 6:37-40