විනිසුරුවෝ 6:11-14
විනිසුරුවෝ 6:11-14 SCV
ස්වාමින්වහන්සේගේ දූතයා අවුත්, අබියෙස්රීය පෙළපතේ යෝවාෂ්ට අයත් ඔෆ්රාහි ඒලා ගහ යට හිඳ ගත්තේ, යෝවාෂ්ගේ පුත් ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු බේරාගන්නා පිණිස, ඒවා මිදි මෝලෙහි මඩිමින් සිටියදී ය. ස්වාමින්වහන්සේගේ දූතයා ඔහුට පෙනී, ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ ඔබ සමඟ ය; ප්රබල රණශූරය” යැයි පැවසී ය. ගිඩියොන් පිළිතුරු දෙමින්, “අහෝ මා ස්වාමිනි, ස්වාමින්වහන්සේ අප සමඟ වන සේක් නම්, මේ හැම දෑ අපට සිදු වී ඇත්තේ මොකද? ‘ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආවේ ස්වාමින්වහන්සේ නො වේ දැ?’ යි කියමින්, අපේ පියවරුන් අපට විස්තර කළ උන්වහන්සේගේ ඒ සියලු මවිත ක්රියා දැන් කෝ! ස්වාමින්වහන්සේ දැන් අප ඉවත දමා, මිදියන්වරුන් අතට අප යටත් කර දී ඇතැ” යි පැවසී ය. ස්වාමින්වහන්සේ ඔහු දෙස හැරුණු සේක්, “යන්න, ඔබගේ ඔය ප්රබලත්වයෙන් ගොස්, මිදියානුන් අතින් ඉශ්රායෙල් මුදා ගන්න. ඔබ යවන්නේ මම නො වෙම් දැ?” යි පැවසූහ.






