විනිසුරුවෝ 6:1-7
විනිසුරුවෝ 6:1-7 SCV
යළිත් ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කළෝ ය. උන්වහන්සේ හත් අවුරුද්දක් මිදියන්වරුන්ගේ අත්වලට ඔවුන් දුන් සේක. මිදියන් හස්තය ඉශ්‍රායෙල්ට එරෙහිව ඒ සා පීඩාකාරී වූයෙන්, මිදියන් නිසා ඉශ්‍රායෙල්වරු කඳු විවරවල ද ගුහාවල ද ආරක්ෂිත කොටුවල ද තමනට සැඟවුම් සලසා ගත්හ. ඉශ්‍රායෙල්වරුන් වැවිලි වගා කළ හැම විටෙක, මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග ජනයා ද ඔවුන්ට එරෙහිව ආහ. ඔවුහු ඔවුන්ට එරෙහිව කඳවුරු ගසා ගෙන, ගාසා දක්වා ඈතට දේශයේ බවභෝග විනාශ කළෝ, ආහාර පාන හෝ බැටළු, ගව හා බූරු යන කිසි සතකු හෝ ඉශ්‍රායෙල්හි ඉතිරි නො කළෝ ය. ඔවුහු තම පශු සම්පත් ද තම කූඩාරම් ද සමඟ පොදි ගැසෙන පළඟැටි සේනා සේ ආහ. මිනිසුන් හා ඔවුන්ගේ ඔටුවන් ගණන් කළ නො හැකි තරම් විණ. ඔවුන්ගේ පැමිණීමත් සමඟ දේශය නැති නාස්ති විය. මෙසේ මිදියන් නිසා ඉශ්‍රායෙල් අන්ත දුගී බවට පත් වූයෙන්, ඉශ්‍රායෙල් ජනයා උපකාර පතා ස්වාමින්වහන්සේට මොර ගැසූහ. මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේට මොර ගැසූ කල





