විනිසුරුවෝ 5:1-9
විනිසුරුවෝ 5:1-9 SCV
ඒ දවසේ දෙබොරා හා අබිනොවම්ගේ පුත් බාරාක් මෙසේ ගායනා කළහ. “ඉශ්‍රායෙල්හි නායකයින් පෙරමුණ ගත් කල, ජනයා කැමැත්තෙන් ම ඉදිරිපත් වූ කල, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්! “රජවරුනි මේ අහන්න! පාලකයිනි සවන් දෙන්න! ස්වාමින්වහන්සේට මම එසේය, මම ගයන්නෙමි! ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මම මධුර ස්වර නගන්නෙමි. “අහෝ ස්වාමින්වහන්ස, ඔබ සේයිර් වෙතින් පිටත් ව ගිය කල, ඒදොම් පෙදෙසේ සිට ගමනේ යෙදුන කල, පොළොව සලිත විණ. අහස වැගිරිණ. වලාකුළින් ජලය කඩා හැලිණ. සීනයිහි තැනැන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියෙහි, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියෙහි කඳු හෙල්ලුම් කැවිණ. “අනාත්ගේ පුත් ෂම්ගර්ගේ දවස්වල යායෙල්ගේ දවස්වල මහ මාවත පාළුවට යැවිණ. ගමන් ගන්නන් ගියේ අතුරු පාරවලිනි. ඉශ්‍රායෙල් ගැමි ජන ජීවිත නැවතිණ. මා නැගිටින තෙක් ඔවුන් නැවතිණ. දෙබොරා වන මා ඉශ්‍රායෙල් මවක ව, නැගිටින තෙක්, නැවතිණ. නව දෙවිවරුන් තෝරා ගැනුණු කල, යුද්ධය, නගර දොරටුව අබියස ය. එහෙත්, ඉශ්‍රායෙල්හි හතළිස් දහසක් අතරේ පලිහක් හෝ හෙල්ලයක් දක්නට වූයේ නැත. මගේ හදවත ඉශ්‍රායෙල් සෙන්පතීන් වෙත, ජනයා අතරින් කැමැත්තෙන් ම ඉදිරිපත් වූ අය වෙත යයි. ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්!





