YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 4:6-8

විනිසුරුවෝ 4:6-8 SCV

නෆ්තලීහි කෙදෙෂ් වෙතින් අබිනොවම්ගේ පුත් බාරාක් කැඳවා යැවූ ඈ, ඔහු අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට මෙසේ අණ කරන සේක: ‘යන්න, නෆ්තලී හා සාබුලොන් ජනයාගෙන් දස දහසක් කැඳවාගෙන, තාබෝර් කන්දට යන්න. යාබීන්ගේ හමුදාවේ ආඥාපති වන සීසෙරා සමඟ ඔහුගේ යුද්ධ රථත්, ඔහුගේ හේවායිනුත් කීෂොන් ගඟ ළඟට මම ඔබ වෙත පමුණු වන්නෙමි. මම ඔබගේ අත්වලට ඔහු හසුකර දෙන්නෙමි’ කියන සේකැ” යි කීවා ය. බාරාක් ඇයට පිළිතුරු දෙමින්, “ඔබ, මා සමඟ යනවා නම් මම යන්නෙමි. එහෙත් ඔබ මා සමඟ යන්නේ නැති නම් මාත් යන්නේ නැතැ” යි කී ය.

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 4:6-8