YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 4:14-16

විනිසුරුවෝ 4:14-16 SCV

දෙබොරා, බාරාක් අමතමින්, “නැගිටින්න! ස්වාමින්වහන්සේ ඔබ අතට සීසෙරා යටත් කර දුන් දවස අදයි. මෙන්න! ස්වාමින්වහන්සේ ඔබට පෙරටුවෙන් ගමන් ගත්තා නො වේ දැ?” යි කීවා ය. එවිට බාරාක්, දස දහසක් දෙනකු ඔහු පසුපසින් යද්දී, තාබෝර් කන්දෙන් බසින්නට වන්නේ ය. බාරාක් පෙරට යත් ම, ස්වාමින්වහන්සේ සීසෙරා ද ඔහුගේ සියලු යුද්ධ රථ හා මුළු හමුදාව ද කඩු මුවහතින් කලඹා, පලවා හළ සේක. සීසෙරා තම යුද්ධ රථයෙන් බැස, පයින් ම පලා ගියේ ය. එහෙත් බාරාක්, හරොෂෙත්-හග්ගොයිම් දක්වා යුද්ධ රථ හා සතුරු හමුදාව ලුහුබැන්දේ ය. සීසෙරාගේ මුළු හේවාපන්නය ම කඩු මුවහතින් වැටී ගියේ ය. එකකුදු ඉතිරි වූයේ නැත.

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 4:14-16