විනිසුරුවෝ 4:1-5
විනිසුරුවෝ 4:1-5 SCV
ඒහුද් මිය ගිය පසු, ඉශ්‍රායෙල්වරු යළිත් ස්වාමින්වහන්සේ හමුවේ දුෂ්ටකම් කළෝ ය. එබැවින් ස්වාමින්වහන්සේ හාසොර්හි රජකම් කළ කානාන් රජකු වන යාබීන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහුගේ හමුදාපති වූයේ හරොෂෙත්-හග්ගොයිම්හි විසූ සීසෙරා ය. ඔහුට යකඩ යුද්ධ රථ නවසියයක් තිබූ බැවින් ද විසි වසරක් ඔහු ඉශ්‍රායෙල්වරුන්ට කුරිරු ව හිංසා-පීඩා කළ බැවින් ද ඉශ්‍රායෙල්වරු පිහිට ඉල්ලා ස්වාමින්වහන්සේට මොර ගැසූහ. එකල ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ලප්පීදොත්ගේ බිරිඳ වූ දිවැසිවරියක වන දෙබොරා ය. ඇය අසුන් ගත්තේ එප්‍රායිම් කඳු රටේ රාමා හා බෙතෙල් අතර පිහිටි දෙබොරාගේ ඉඳිගහ යට ය. ඉශ්‍රායෙල්වරු විනිශ්චය ලබන පිණිස ඇය වෙත ආහ.





