YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 3:7-11

විනිසුරුවෝ 3:7-11 SCV

ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කළෝ ය. ඔවුහු තමන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අමතක කර, බාල් දේවතාවුන්ටත්, අෂේරා කණුවලටත් මෙහෙ කරන්නට වන්හ. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය, ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව ඇවිළ, වයඹ දිග මෙසපොතාමියාහි රජු වූ කූෂන්-රිෂාතයිම් අතට උන්වහන්සේ ඔවුන් පාවා දුන් සේක. ඉශ්‍රායෙල්වරු අ‍ට අවුරුද්දක් කූෂන්-රිෂාතයිම්ට මෙහෙ කළහ. එහෙත් ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේට මොර ගැසූ කල, ස්වාමින්වහන්සේ ඔවුනට මිදුම්කරුවකු නැගිටුවා දුන් සේක. ඔහු ඔවුන් ගැලවී ය. ඒ, කාලෙබ්ගේ බාල සහෝදර කෙනස්ගේ පුත් ඔත්නියෙල් ය. ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ ඔහු කරා පැමිණි සේක්, ඔහු ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ය, යුද්ධයට ගියේ ය. ස්වාමින්වහන්සේ අරාම්හි රජු වූ කූෂන්-රිෂාතයිම්, ඔත්නියෙල්ගේ අත්වලට දුන්නෙන්, ඔත්නියෙල් කූෂන්-රිෂාතයිම් පරදා, ජය ගත්තේ ය. මෙසේ, දේශය හතළිස් අවුරුද්දක් සාමකාමී ව පැවැත්තේ ය. ඉන්පසු කෙනස්ගේ පුත් ඔත්නියෙල් මියැදුණේ ය.

Video for විනිසුරුවෝ 3:7-11