විනිසුරුවෝ 2
2
බෝකීම් වැලපීම
1 ස්වාමින්වහන්සේගේ දූතයා, ගිල්ගාල් සිට බෝකීම් වෙත අවුත්, කතා කොට, “මම ඊජිප්තුවෙන් පිටතට නුඹලා ගෙනවුත්, නුඹලාගේ පියවරුන්ට දෙන්නට මා දිවුළ දේශයට නුඹලා පැමිණ වීමි. එහිදී මා කතා කොට, ‘නුඹලා සමඟ ඇති මගේ ගිවිසුම මා කිසි දින කඩ කරන්නේ නැත. 2නුඹලාත්, මේ දේශ වාසීන් සමඟ කිසිදු ගිවිසුමක් නො කළ යුතු ය. ඔවුන්ගේ පුදසුන් කඩා බිඳ දැමිය යුතු යැ’ යි කීවෙමි. එහෙත් නුඹලා මගේ කටහඬට කීකරු වූයේ නැත. මොකක් ද මේ නුඹලා කළේ? 3එබැවින් දැන් මා නුඹලාට කියන්නේ ‘නුඹලා ඉදිරිපිටින් මා ඔවුන් පලවා හරින්නේ නැති වගයි. ඔවුන් නුඹලාගේ ඇලයට කටුවක් වනු ඇත. ඔවුන්ගේ දෙවිවරුන් ද නුඹලාට මලපතක් වනු ඇතැ’ යි” කීවේ ය.
4 ස්වාමින්වහන්සේගේ දූතයා සියලු ඉශ්‍රායෙල්වරුනට මෙවදන් පැවසූ කල, ජනයා උස් හඬ නගා, වැලපෙන්නට වන්හ. 5ඔවුහු ඒ ස්ථානයට බෝකීම්#2:5 බෝකීම් එනම් වැලපෙන්නෝ යන නම තැබූහ. එහිදී ඔවුහු ස්වාමින්වහන්සේට යාග පූජා පිදූහ.
අකීකරුකම සහ පරාජය
6යෝෂුවා, ජනයා යන්නට හැරිය කල, සියලු ඉශ්‍රායෙල්වරු දේශය උරුම කර ගනු පිණිස තම තමන්ගේ උරුම පෙදෙස් කරා ගියහ. 7යෝෂුවාගේ ජීවිත කාලය පුරාත්, ඉශ්‍රායෙල් ජනයා උදෙසා ස්වාමින්වහන්සේ කළ උදාර ක්‍රියා සියල්ල දැක තිබූ ඔහුට වඩා වැඩි කලක් ජීවත් වූ වැඩිහිටියන්ගේ කාලය පුරාත් ජනයා ස්වාමින්වහන්සේට සේවය කළහ.
8නූන්ගේ පුත්‍රයා වූ ද ස්වාමින්වහන්සේගේ සේවකයා වූ ද යෝෂුවා එකසිය දහ වන වියේදී මිය ගියේ ය. 9ඔහුගේ උරුම පෙදෙස වන තිම්නාත්-හෙරෙස්හි දී ඔවුහු, ඔහු භූමදාන කළහ. එය පිහිටියේ ගාෂ් කන්දට උතුරින් එප්‍රායිම් කඳු රටේ ය.
10ඒ මුළු පරම්පරාව ම මියැදී, ඔවුන්ගේ පියවරුන් අතරට එක් වූ පසු, වෙනත් පරම්පරාවක් ඔවුන්ට පසුව නැගී ආහ. ඔවුහු ස්වාමින්වහන්සේ ගැනවත්, ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ දෑ ගැනවත් නො දත්තෝ ය. 11ඉන්පසු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කරන්නට වූ ඉශ්‍රායෙල්වරු, බාල් දේවතාවුන්ට නමස්කාර කරන්නට වන්හ. 12තම පියවරුන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත් හළ ඔවුහු, තමන් අවට ජනයාගේ දෙවි-දේවතාවුන් පසු පස යන්නටත්, ඔවුනට වැඳ වැටෙන්නටත් වන්හ. එසේ ඔවුහු ස්වාමින්වහන්සේගේ කෝපය ඇවිස්සූහ. 13ස්වාමින්වහන්සේ අත් හළ ඔවුහු බාල් දෙවියාටත්, අෂ්තොරෙත් දේවතාවියටත් මෙහෙ කළහ. 14එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්‍රායෙල්ට එරෙහිව ඇවුළුණෙන්, ඔවුන් කොල්ල කෑ කොල්ලකරුවන් අතට උන්වහන්සේ ඔවුන් බාර දුන් සේක. ඔවුන් වටා විසූ ඔවුන්ගේ සතුරනට උන්වහන්සේ ඔවුන් විකුණූ සේක. තම සතුරනට එරෙහිව තවදුරටත් නැගී සිටින්නට ඔවුනට නො හැකි විය. 15ඉශ්‍රායෙල්වරුන් සටනට ගිය හැම විටෙක හානියක් වන පරිදි ස්වාමින්වහන්සේගේ හස්තය ඔවුන්ට එරෙහිව පැවැත්තේ, ස්වාමින්වහන්සේ ඔවුන්ට අනතුරු අඟවා තිබූ පරිද්දෙනි. ස්වාමින්වහන්සේ දිවුරා තිබූ පරිද්දෙනි. ඔවුන් සිටියේ දැඩි පීඩනයකිනි.
16එකල ස්වාමින්වහන්සේ එම කොල්ලකරුවන් අතින් ඔවුන් මුදා ගත් විනිසුරුවන් නැගිට වූ සේක. 17එහෙත් ඔවුන් තම විනිසුරුවන්ටත් සවන් දුන්නේ නැත. මන්ද ඔවුහු අන් දෙවි-දේවතාවුන් අනුව යෑමේ අනාචාරයෙහි යෙදෙමින්, ඔවුනට වැඳ වැටුණහ. ස්වාමින්වහන්සේගේ ආඥාවලට කීකරු ව සිටි ඔවුන්ගේ පියවරුන් අනුගමන කළ මාර්ගයෙන් ඔවුහු ඉතා ඉක්මනින් ඉවත හැරුණහ. ඔවුහු ඔවුන් ආදර්ශයට නො ගත්හ. 18ස්වාමින්වහන්සේ ඔවුනට විනිසුරුවකු නැගුටුවාලූ කවර විටෙක වුව, ස්වාමින්වහන්සේ එම විනිසුරු සමඟ සිටි සේක්, එම විනිසුරුගේ සියලු දවස්හි දී ඔවුන්ගේ සතුරන් අතින් ඔවුන් මුදා ලූ සේක. මන්ද ඔවුන්ට පීඩා ද විපත් ද පැමිණවූවන් යටතේ ඔවුන් කෙඳිරි ගෑ කල, ස්වාමින්වහන්සේ ඔවුනට අනුකම්පා පෑ බැවිනි. 19එහෙත් ඒ විනිසුරු මිය ගිය විගස, ජනයා අන් දෙවිවරුන් පසු පස යමින්, ඔවුන්ට නමස්කාර කරමින්, ඔවුනට වැඳ වැටෙමින්, ඔවුන්ගේ පියවරුන්ටත් වඩා වැඩි දූෂිත මාර්ගවලට හැරී ගියහ. තමන්ගේ දුෂ්ට ක්‍රියා මාර්ග හා දැඩි මුරණ්ඩු මාර්ග, ඔවුන් අත්හැරියේ නැත.
20එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්‍රායෙල්ට එරෙහිව ඇවුළුණේ ය. උන්වහන්සේ කතා කොට, “මේ ජාතිය ඔවුන්ගේ ආදි පියවරුන්ට නියම කළ ගිවිසුම කඩ කළ නිසාත්, මට සවන් නුදුන් නිසාත්, 21යෝෂුවා මියැදෙන කල ඉතිරි කොට ගිය ජාතීන්ගෙන් එකකුදු මින් මතු මා මොවුන් වෙතින් පන්නා දමන්නේ නැත. 22මෙසේ කරන්නේ ඉශ්‍රායෙල්වරුන් තම ආදි පියවරුන් කළ සේ ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළිපදිමින්, ඒ මග ගමන් කරන්නේදැයි සෝදිසි කර බැලීමට යැ” යි පැවසූ සේක. 23යෝෂුවාගේ අතට ඔවුන් පාවා නො දී වහා ඔවුන් පලවා නො හැර ස්වාමින්වහන්සේ ඒ ජාතීන්ට එහිම විසීමට ඉඩ හළ සේක.
Currently Selected:
විනිසුරුවෝ 2: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: